රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබා ගත් බකමූණ විදුලි උප කාර්යාලයේ සේවය කරන කාර්යාල කාර්ය සහයකවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගලේවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා අල්ලස් ලබා ගන්නා අවස්ථාවේ අත්අඩංගුවට ගත් බවයි එම කොමිසමේ අධ්‍යක්ෂ ඩී.ප්‍රියන්ත චන්ද්‍රසිරි සදහන් කළේ.
නීතිවිරෝධී අන්දමින් විදුලිය ලබා ගත් ඉදිකෙරෙමින් පවතින නිවසකට අදාළව, නීති මගින් කටයුතු නොකර සිටීමට ඔහු මෙම අල්ලස් මුදල ඉල්ලා තිබෙනවා.
