Gossips

අල්ලස් ගත් අධිකරණ නිලධාරියෙකුට සිව් වසරක සිරදඩුවම්

අම්පාර දිසා අධිකරණය මගින් දුන් නියෝගයක පිටපතක් ලබාදීමට අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වු එහි රෙජිස්ට්‍රාර්වරයාට සහ ලිපිකරුට කොළඹ මහා අධිකරණය සිව් වසරක සිර දඩුවම් නියම කර තිබෙනවා.
ඒ, ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.
එහිදී රෙජිස්ට්‍රාර්වරයාට රුපියල් 6000 දඩ මුදලක් සහ ලිපිකරුට රුපියල් 3000 දඩමුදලක් ගෙවන ලෙසටද නියෝග කෙරුණා.