Gossips

අල්ලස් කොමිසම පැවරූ ඉතිරි නඩු හතරෙනුත් ජොන්ස්ටන් නිදහස්

අමාත්‍යවරයෙකුව සිටි 2011 – 2014 කාල පරාසයට අදාලව වත්කම් බැරකම් හෙලි නොකළ බවට පවසා අල්ලස් කොමිසම පවරා තිබූ නඩු වලින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදහස් කර තිබෙනවා.
ඒ එම නඩු අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන්.
අද මෙම නඩු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවූ අතර පසුගිය නඩු වාරයේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ කලිංග ඉන්දතිස්ස කියා සිටියේ මෙම නඩු 04ට අදාලව පැමිණිල්ල ගොනු කළ අල්ලස් කොමිසමට ඉදිරිපත් කිරීමට ඇත්තේ මීට පෙර තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කල වත්කම් නඩුවට අදාල සාක්ෂි බවයි.
එම කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද හිටපු අමාත්‍යවරයා නිදහස් කිරීමට පියවර ගත් බව හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළා.
2010 මාර්තු 31 වනදා සිට 2011 මාර්තු 31 වනදා දක්වා කාලය තුල වත්කම් බැරකම් හෙලි නොකල බවට පවසමින් පවරා තිබූ නඩුවෙන් හිටපු අමාත්‍යවරයා නිදොස් කොට නිදහස් කිරීමට පසුගිය 29 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළා.