Gossips

අල්ලස් කොමිසම ගැටළුවක

අල්ලස, දූෂණය තුරන් කිරීම සඳහා දේශපාලන යාන්ත්‍රණයේ සහයෝගය හිමිවුවද, සංවේදී සිවිල් රාජ්‍ය නිලධාරීන් නොමැතිවීම හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමේ ගැටළුවක් පවතින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසනවා.
එහි අධ්‍යක්‍ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නව ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාළ ඉඩමට අනුමැතිය නොමැතිවීම පිළිබඳව සහ නීති නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධයෙන් ඇති ගැටළු පිළිබඳවද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී අදහස් දක්වා සිටියා.