අල්ලස් හෝ දූෂණ වංචාවලට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීමට නම් ඊට අදාළ නීති පද්ධතියේ වෙනසක් සිදුවිය යුතු බව අල්ලස් කොමිසම පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ ඊයේ(08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පෞද්ගලික අංශයේ අල්ලස් ගැනීම පිළිබදව නීති පද්ධතියෙහි ප්‍රතිපාදන නොමැති බවයි.
