Gossips

අල්ලස් කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී . නවාස්ට සහ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට එරෙහිව ගොනු කර තිබූ නඩුව විභාග කිරීම වැළැක්වූ අතුරු තහනම් නියෝගය යළි සලකා බලන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.
ලංකා විදුලි පෞද්ගලික සමාගමට ඉඩම් හා දේපළ මිලදී ගැනීමේදී සිදුවූ බව කියන දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව වගකිවයුතු නිලධාරීන්ට අපරාධ නඩු පැවරීම වැළැක්වීම සඳහා අයුතු සහගත නීතිපති වාර්තා ලබාදීමේ චෝදනාව මත මොවුන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබුවේ පසුගිය ජනවාරි 18 වනදායි.
පසුව මෙම නඩුව විභාග කිරීම අත්හිටුවාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය පෙබරවාරි 26 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරුණා.