Politics Sri Lanka

අල්ලස් කොමිසමට පැමිණි රවී පස්ස දොරෙන්ම පැනයයි

අල්ලස් කොමිසමට පැමිණි රවී පස්ස දොරෙන්ම පැනයයි

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් අද (27) පැය හතරක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා වේ.

අල්ලස් කොමිසමේ දැනුම් දීමක් අනුව රවී කරුණානායක මහතා අද උදේ 9.30ට පමණ අල්ලස් කොමිෂන් සභා කාර්යාලයට පැමිණ ඇති අතර ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පසුවරු 1.30ට පමණ කොමිෂන් සභා කාර්යාලයෙන් පිටවී ගොස් ඇත.

වත්මන් රජය යටතේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව පරීක්‍ෂා කර බැලූ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතවරයා විසින් අල්ලස් කොමිසමට යොමු කර තිබු අතර එම වාර්තාව පදනම් කර ගනිමින් කොමිසමේ විමර්ශන නිලධාරීන් රවී කරුණානායක මහතාගෙන් ප්‍රශ්න කළ බව දැනගන්නට තිබේ.

කෙසේ නමුත් එම ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව රවී කරුණානායක මහතා මාධ්‍යවේදීන්ට මුහුණ නොදී මගහැර ගොස් ඇත.