රත්නපුර – කහවත්ත ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති සුදත් ජයසුන්දර මහතා විසින් දරුවන් පාසලට ඇතුලත් කර ගැනිම වෙනුවෙන් දෙමාපියන්ගෙන් මුදල් අල්ලස් ලෙස ලබා ගන්නා බවට හිරු සී.අයි.ඒ. වෙත තොරතුරක් ලැබුණා.
මේ පිළිබඳව සොයාබැලීමට සී.අයි.ඒ. කණ්ඩායම එම විද්‍යාලයට පසුගියදා ගියේ එලෙස මුදල් ලබා දුන් පියෙකුද සමඟයි.
අදාල විදුහල්පතිවරයා විසින් මෙම පියාගෙන් ල පාසැලේ තීන්ත ආලේප කිරීමට අවශ්‍ය බව පවසා රුපියල් 25000ක් වටිනා තීන්ත සහ කම්කරු කුලී ලෙස රුපියල් 75000ක මුදලක් ලබාගෙන තිබුණා.
