Gossips

අල්ලසක් ලබා ගත් තක්සේරු නිලධාරියෙකුට වසර 14 ක සිරදඩුවම්

රුපියල් 15,000 ක අල්ලස් මුදලක් ලබා ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පළාත් කාර්යාලයේ සේවය කළ තක්සේරු නිලධාරියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න වසර 14 ක සිරදඩුවම් නියම කළා.
2004 වසරේ අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් ඔහු මෙම අල්ලස ලබාගෙන තිබෙනවා.
අවුරුදු 12 ක නඩු විභාගයකින් පසු අද තීන්දුව ලබාදුන් විනිසුරුවරයා රුපියල් 9000 ක දඩයක් ද නියම කළ අතර අල්ලස් ගත් රුපියල් 15,000 ක මුදල ද දණ්ඩනයක් ලෙස අය කර ගැනීමට නියෝග කළා.