Gossips

අල්ලසක් ගත් සී.අයි.ඩී. සැරයන්වරයාට ඇප

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 80,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ සැරයන්වරයා අද (11) ඇප මත මුදා හැරුණා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ සැකකරු රුපියල් විසි පන්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 04 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.
මොහුට විදෙස් ගමන් තහනම් කළ විනිසුරුවරිය ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසයි නියෝග කළේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පසුගිය මාර්තු 7 වනදා මොහුව අත්අඩංගුවට ගනු ලැබුවේ සපුගස්කන්ද ප්‍රදේශයේ අදාල ව්‍යාපාරිකයාගේ නිවසේදියි.