Gossips

අලව්වේදී පස් කන්ඩියකට යටවී පුද්ගලයෙකු මරුට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අලව්ව – නවතල්වත්ත – කිරිවම්මල ප්‍රදේශයේ පස් කන්දකට යටවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ පවතින වර්ෂාවත් සමග ඇති වූ නායයාම් තත්ත්වයක් හේතුවෙන් පස් කන්ද කඩා වැටී අද උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.
ඒ අනුව, ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 16 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.