Gossips

අලව්වේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අලව්ව – කපුවර්ණ බෝධිය අසළ දුම්රිය මාර්ගයේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු අද උදෑසන ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සීනු සහ විදුලි සංඥා ක්‍රමයට ක්‍රියාත්මක දුම්රිය හරස් මාර්ගයකින් යතුරුපැදියකින් ගමන් කරන අවස්ථාවේදීයි.
ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.
මේ අතර, ගාල්ල – දෙවට ප්‍රදේශයේදී වාහනයක ගැටී මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 67 හැවිරිදි වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර ඔහු අනතුරට ලක් කළ වාහනය සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.