Gossips

අරුම පුදුම හදවත් සැත්කම

හෘදය වස්තුවෙහි අකර්මන්‍යතාවක් හේතුවෙන් හදවත් බද්ධ සැත්කමක් සඳහා ඉන්දියාවේ හයිද්‍රාබාද් හී පෞද්ගලික රෝහලකට ඇතුලත් කෙරුණු රෝගියෙකුට බද්ධ කිරීම සඳහා ලැබුණු හෘදය වස්තුව කුඩා වීම නිසා පැවති දුර්වල හෘදය වස්තුව ද ඉවත් නොකර කුඩා හෘදය වස්තුව සාර්ථකව බද්ධ කිරීමට හෘදය ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් කටයුතු කර තිබෙනවා.
56 හැවිරිදි වියේ පසු වූ මෙම රෝගියාට පැය 7 කට අසන්න කාලයක් පුර සැත්කම සිදු කර ඇති බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
මෙම සැත්කමේ විශේෂත්වය ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ පැවති දුර්වල හෘදය වස්තුවේ ස්පන්දන රටාවට, බද්ධ කරන ලද නව හෘදය වස්තුවේ ස්පන්දන රටාව ගැලපීම බවයි.
මෙම සැත්කමෙන් අතුරු අබාධයකින් තොරව රෝගියා සුව අතට පැමිණෙමින් සිටින බව ද වෛද්‍යවරු පවසනවා.
මෙවැනි සැත්කම් 150 ක් ලොව පුරා සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම රෝගියාට බද්ධ කරන ලද නව හෘදය වස්තුව ලබාගෙන ඇත්තේ මොලය මියගිය 17 හැවිරිදි තරුණයෙකුගෙන්.
අදාළ රෝගියාට ඉදිරියේදී තවත් දරුණු සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දීමට සිදුවන බව වෛද්‍යවරු පවසනවා.
එනම් අනාගතයේ දී යම්කිසි දවසක හෘදය රෝගයක් ඇති වුවහොත් එය කුමන හෘදය වස්තුවෙන් සිදු වූවාද යන්න සොයාගත නොහැකි වීමයි.
අති සංවේදී දර්ශන සහිතයි…