Gossips

අර්බුදය හමුවේ ඉංජිනේරුවන් වැටුප් වැඩිවීමක් අභියස – ලංකා විදුලි සේවක සංගමයෙන් චෝදනා

විදුලි අර්බුදයක් පවතින අවස්ථාවක ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.
ඊයේ දිනයේදී රැස්වූ විදුලි ඉංජිනේරුවරුන් මේ පිළිබදව සාකච්ඡා කළ බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් සඳහන් කළේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් පෞද්ගලික නිවාඩු වාර්තා කරමින් ඊයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.
එහිදී සේවක වැටුප් ගැටලූව සහ වත්මන් විදුලි අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමුවූ බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, විදුලි අර්බුදයක් පවතින අවස්ථාවක එහි බර ජනතාව මත පටවා ඉංජිනේරුවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සාධාරණ නොවන බවයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, හෙට දිනයෙන් පසු කිසිසේත් විදුලි කප්පාදුවන් සිදුනොකරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මීට පෙර ප්‍රකාශ කළා.