විදුලි අර්බුදය විසඳීමේ අරමුණින් මෙගාවොට් 100 ක ධාරිතාවක් හදිසියේ මිලදී ගැනීමට පෞද්ගලික සමාගම් 3 ක් තෝරාගෙන ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළා.
ඇග්රිකෝ, වී පවර් සහ අල්ටාස් ඕල්ඩර්නේටිව් විදුලි ජනන සමාගම් මේ සඳහා ටෙන්ඩර් පටිපාටියට අනුව තෝරාගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.
මෙම ආයතන සමඟ ඉදිරි දින කිහිපය ඇතුලත ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි.
අදාළ ආයතනවලින් මාස 6 ක් විදුලිය මිලදී ගැනීමට නියමිත අතර, ඒ සඳහා විදුලි ඒකකයකට මණ්ඩලය රුපියල් 28 ත් 30 ත් අතර මුදලක් ගෙවීමට සැළසුම් කර තිබෙනවා.
එම සමාගම්වලින් විදුලිය මිලදීගැනීමත් සමඟ රට පුරා අඛන්ඩ විදුලි සැපයුමක් ලබාදීමටයි විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරන්නේ.