Gossips

අර්බුදය නිමවන තුරු රාජ්‍ය ආයතනවලට ජනන යන්ත්‍රවලින් විදුලිය ලබාගන්නැයි උපදෙස්

2020 වසරේදී කවුරුන් රට භාර ගත්තද මහා විප්ලවීය පරිවර්තනයක් කිරීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 36 වන වාර්ෂික මහා සම්මේලනයට කොළඹ – නෙළුම් පොකුණ රඟහලේදී අද පෙරවරුවේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියා.
එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පවතින විදුලි අර්බුදයට තාවකාලික විසදුමක් ලෙස අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථාවල පවතින විදුලි ජනන යන්ත්‍ර භාවිතයට ගන්නා ලෙසට උපදෙස් දී ඇති බවයි.