පෞද්ගලික අංශය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන්ට මැයි 7 වනදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර පවසනවා.
මෙවර ලෝක කම්කරු දිනය මැයි මස 7 වන දිනට වෙනස් කර ඇති බැවින් එදින පෞද්ගලික අංශයටත්, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුලූ අර්ධ රාජ්‍ය ආයතනවලටත් ව්‍යවස්ථාපිත නිවාඩුවක් හිමිවන බවයි ඔහු කියා සිටියේ.
මේ අතර මැයි මස 7 වනදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ගැටළුවක් කර නොගත යුතු බවද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා
