Gossips

අර්තාපල් නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර

අර්තාපල් නිෂ්පාදනය සියයට 80 කින් ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
දැනට හෙක්ටයාරයකින් ලබා ගන්නා මෙටි‍්‍රක් ටොන් 4 ක අස්වැන්න මෙටි‍්‍රක් ටොන් 13 දක්වා ඉහළ නැංවීම මෙහි අරමුණයි.
නව තාක්ෂණය යටතේ අර්තාපල් ප්‍රභේද හඳුන්වාදී මෙලෙස අස්වනු ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා සහය දැක්වීමට ඉන්දීය සමාගමක් එකඟතාව පළ කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
එහිදී කෘමිනාශකවලින් තොරව කාබනික පොහොර යොදාගෙන අර්තාපල් අස්වැන්න ඉහළ නැංවීමට කටයුතු කරනු ඇති.