Gossips

අර්ජුන – ෆයිසර් කැබිනට්ටුවේදී ගැටේ

කැබිනට් රැස්වීමේදි හිටපු ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග සහ වත්මන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අතර ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවට දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
එහිදි ජනාධිපතිවරයා අමාත්‍ය අර්ජුන රණතුංගට පවසා ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතුවලට මැදිහත් නොවී තමන්ට පැවරී ඇති රාජකාරි ඉටුකරන ලෙසටයි.
ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කල යුතු බවට අමාත්‍ය අර්ජුන රණතුංග කර තිබු ප්‍රකාශයක් පිළිබදව ඊයේ පැවති කැබිනට් රැස්වීමේදි සාකච්ජාවට ලක්වී තිබෙනවා.
නීතිපතිවරයාගේ උපදෙස් අනුව තමන් කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කර ඇති අතර එහිදි අමාත්‍ය අර්ජුන රණතුංග චෝදනා කර ඇත්තේ නිසි ලෙස ඊට අදාල කටයුතු සිදු නොකරන බවටයි.
කෙසේ වෙතත් එහිදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා ඉතා උණුසුම් ලෙස අදහස් පලකරමින් සදහන් කර ඇත්තේ් තමන් නිතීය හරිහැටි දන්නා බැවින් නිත්‍යානුකුලව ක්‍රිකට් නිලවරණය පැවත්වීමට කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය කඩිනමින් පවත්වා ඊට නිලධාරීන් පත්කරගන්නා ලෙසද ජනාධිපතිවරයා එහිදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
මේ පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහු අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කළේ, තමන් කිිසිදු අවස්ථාවක කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම බිඳ වැටෙන ආකාරයෙන් ඒ තුළ සිදුවන කරුණු පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා නොදෙන බව සඳහන් කරමින්.