හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සොයාදෙන්නැයි ඉල්ලා අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීමේ කාර්යාලය වෙත අද (06) පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි තරුණ කටයුතු ලේකම් සුගීෂ්වර බණ්ඩාර කියා සිටියේ අර්ජුන මහේන්ද්‍රන් සැඟව සිටින බවට සැක කෙරෙන ස්ථාන කිහිපයක් පිළිබඳව තොරතුරුද මෙහිදී කොමිසම වෙත ඉදිරිපත් කරන බවයි.


