Gossips

අර්ජුන මහේන්ද්‍රන් සිටින තැන ගැන තොරතුරු හෙළිවෙයි

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ රැදී සිටින බවට ජාත්‍යන්තර පොලීසිය රහස් පොලීසියට නිල වශයෙන් දැනුම්දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
මීට පෙර අවස්ථා කිහිපයකදී අධිකරණය හිටපු මහබැංකු අධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස රතු නිවේදන ද නිකුත් කර තිබුණා.
මේ අතර, පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන අද අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන මස 7 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.