හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද වරෙන්තු නිකුත් කළා.
ඒ, බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදියි.
එමෙන්ම බැඳුම්කර සිද්ධියට අත්අඩංගුවට ගැනුුනු පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මේ මස 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
මොවුන් දෙදෙනා අද උදෑසන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබුණා.
හිටපු මහ බැංකු අධිපතිවරයාට අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන් නමුත් එම සිතාසිය දැනට විදේශගතව සිටින අර්ජුන් ඇලෝසියස්ට ලබාදීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.
මේ අතර පිටස්තර පුද්ගලයින්, පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සමඟ පැවැත්වූ දුරකථන සබඳතා පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස දුරකථන සමාගම්වලට අද නියෝගයක් ද නිකුත් කෙරුණා.
