මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළව පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මේ මස 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඊට අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
එහිදී රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ ක්‍රෙඩිට් කාඩ් පතට පර්පෙචුවල් ටේරෂරීස් සමාගමෙන් රුපියල් මිලියන 3.2 ක මුදලක් ගෙවා ඇති බවයි.
