ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීමට වසර කාලයක් සඳහාවත් අතුරු පාලක මණ්ඩලයක් පත් කළ යුතු බව හිටපු ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ අද පැවති දේශනයකට එක්වෙමින්.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් වාර්ෂික කමිටු වාර්තාව සහ මූල්‍ය වාර්තාව අද ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට පිළිගැන්වූයේ සභාපති තිලංග සුමතිපාල ඇතුලූ නිලධාරීන් පිරිසක් විසින්.
