ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවෙක් බවට පත්ව දැනට සිංගප්පූරුවේ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ලබාදුන් කාලසීමාව අදින් අවසන් වනවා.
ඊට අදාළව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නොතීසි නිකුත් කළේ පසුගිය 5 වනදායි.
ඒ, සැකකාර හිටපු මහ බැංකු අධිපතිවරයාට දින 10 ක කාලසීමාවක් ලබාදෙමින්. කෙසේ වෙතත් ඔහු මේ වනතෙක් දිවයිනට පැමිණ නොමැති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙම නඩුවේ සැකකරුවන් වන පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.
