හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ලබාදුන් කාලය හෙටින් (08) අවසන් වනවා.
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලබාදුන් සිතාසිය මෙතෙක් හිටපු මහ බැංකු අධිපතිවරයාට බාර දීමට හැකියාවක් ලැබී නැහැ.
හිටපු මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරුවේ රැදී සිටින බවට ලැබුණු තොරතුරක් මත කුරියර් සේවාවක් මඟින් සහ සීග්‍රඝාමි තැපෑල ඔස්සේ සිතාසි යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, සිංගප්පූරුවේ ඔහු පදිංචිව සිටි නිවස වසා දමා ඇති බවටයි පසුව වාර්තා වුණේ.
අදාල සේවාවේ නියෝජිතයා පසුගිය පෙබරවාරි මාසයේදී අදාළ සිතාසිය භාර දීමට ගිය අවස්ථාවේදී හිටපු මහ බැංකු අධිපතිවරයාට දුරකථන ඇමතුමක්ද ලබාදී තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ තමා පෙබරවාරි මාසය තුල යළි සිංගප්පූරුවට පැමිණෙන බවයි.
කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිතාසිය සම්බන්ධයෙන් ඔහුව දැනුවත් කරමින් පෞද්ගලික ජංගම දුරකථනයට සහ විද්‍යුත් තැපෑලටද පණිවුඩ යොමුකර තිබෙනවා.
