Gossips

අර්ජුන් මහේන්ද්‍රන්ට යළි ඉංග්‍රීසි භාෂාවෙන් වරෙන්තු

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් යළිත් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
ඒ ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (29) කැඳවූ අවස්ථාවේදීයි.
මීට පෙර ද හිටපු මහබැංකු අධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් වරෙන්තුවක් නිකුත් කර තිබුණා.
එසේම, අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනයක් ලබා ගැනීමට ජාත්‍යන්තර පොලීසියට අයදුම්පතක් ද යොමුකර ඇති බවයි රහස් පොලීසිය අද අධිකරණයට දැනුම් දුන්නේ.
මේ අතර, මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ලබන මස 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.