Gossips

අර්ජුන් මහේන්ද්‍රන්ට කිසිදු සමාවක් නැහැ – සන්ධාන මහ ලේකම්ගෙන් ප්‍රකාශයක්

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කුමන රටක සිටියද ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගෙන දඩුවම් ලබාදීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ වීරකැටිය – උඩයාල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.
‘‘ බැඳුම්කර සිද්ධිය මේ රටේ සිද්ධ වෙච්ච දැවැන්ත මූල්‍ය වංචාව ඒකෙන් මිඳෙන්න පුළුවන්කමක් වුණේ නැහැ. මිනිස්සු ඒකට අපි ගැනත් එච්චර හිත හොඳක් තිබුණේ නැහැ. අපිත් ආණ්ඩුවේ නිසාග ඉතිහාසයේ පළමු වතාවට මේ වගේ හොරකමක් සිද්ධවුණාම ඒ හොරකම අල්ලන්න දැන් පටන්ගෙන තිබෙනවා. කවදාවත් මෙහෙම තත්ත්වයක් ඇවිල්ලා නෑ. ප්‍රධාන චූදිතයෝ දෙන්නම හිර ගෙදර ඉන්නේ. ඒවගේම හිටපු මහ බැංකු අධිපතිවරයා දැන් රට පැනලා ඉන්නවා. මොන රටේ හිටියත් මොන විදිහට හිටියත් කාගේ ආශිර්වාදය හිටියත් ජාත්‍යන්තර පොලිසිය ලවා ඔහු අත්අඩංගුවට අරගෙන මේ රටට ගෙනල්ලා දඩුවම් ලබාදෙනවයි කියන එකත් අපි පැහැදිලිව කියනවා. අපේ පක්ෂයේ කැබිනට් සංශෝධනය බොහොම සතියක් විතර ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා. විද්‍යාත්මකව ආයතන බෙදාදීලා ආයතන ගැසට් කිරීම ජනාධිපතිතුමා සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙක් අවුරුදු ගණනාවක් එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. අමාත්‍යාංශවල කෑලි වෙන් වෙන් වශයෙන් වැඩ කරගන්න ගියාම අමාරුයිග මිනිස්සු හතර අතේ යන්න වෙනවා. ඒවා පිළිබඳවත් දැන් අවධානය යොමු කරලා ජනාධිපතිතුමා ඒ වෙනස ඇති කරනවා’’