Politics Sri Lanka

අර්ජුන් මහෙන්ද්‍රන්ට දුන් දෙවන කාලසීමාවත් අදින් අවසන්

අර්ජුන් මහෙන්ද්‍රන්ට දුන් දෙවන කාලසීමාවත් අදින් අවසන්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලබාදුන් කාලය අද(08) දිනයෙන් අවසන් වනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහුට ලබාදුන් සිතාසිය මෙතෙක් හිටපු මහ බැංකු අධිපතිවරයාට ලබාදීමට හැකියාව හිමි වූයේ නැහැ.

අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් මත කුරියර් සේවාව මගින් සහ සීග්‍රගාමී තැපෑල ඔස්සේ සිතාසි යොමු කිරීමට පියවර ගැණුනා. කෙසේ වෙතත්, සිංගප්පූරුවේ ඔහු පදිංචිව සිටි නිවස වසා දමා ඇති බවටයි පසුව වාර්තා වුණේ.