Gossips

අර්ජුන් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රිකට් පිටියට

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර් ඉන්දීය 19න් පහළ ජාතික කණ්ඩායම සඳහා තෝරාගෙන තිබෙනවා.
ඒ අනුව ලබන ජුලි මාසයේදී තරඟ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය 19න් පහළ සංචිතයට අර්ජුන් තෙන්ඩුල්කාර් ඇතුළත්.
සිව් දින තරඟ දෙකක් සහ එක්දින තරඟ 05ක් සඳහා ඉන්දීය 19න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස අර්ජුන් හොඳින් ක්‍රීඩා කරනු ඇතැයි ක්‍රිකට් විචාරකයින් පවසනවා.
මේ වනවිට 18වන වියේ පසුවන අර්ජුන් තෙන්ඩුල්කාර් වමත් වේග පන්දු යවන්නෙක් සහ මැදපෙළ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරනවා.