මහ බැංකු බැඳුම්කර සිද්ධියේ සැකකරුවන් වන පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඉදිරිපත් කළ ඇප අයදුම්පත් කොළඹ මහාධිකරණ අද (09) ප්‍රතික්ෂේප කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මෙලෙස ඔවුන්ගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
මේ වනවිට ඔවුන් මාර්තු 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
සැකකරුවන් ඉදිරිපත් කළ ඇප අයදුම්පත් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය පසුගියදා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධිත ඇප අයදුම්පතක් ගොනුකළේ.
