රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත සිර මැදිරියකට යොමු කර තිබෙනවා.
ඔවුන් ඊයේ (05) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.
මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් එදින රාත්‍රියේ කොටුව මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර, ඒ අනුවයි ඔවුන් යලි මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ.