මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්රධාන විධායක නිලධාරි කසුන් පලිසේනට අද ඇප හිමිවුණා.
ඒ ඊට අදාළ නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න ඉදිරියේ අද කැදවූ අවස්ථාවේදීයි.
එහිදී එක් අයෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 4 ක් මත මුදා හැරීමටයි මහේස්ත්රාත්වරිය නියෝග කළේ.
මීට අමතරව ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කෙරුණු අතර, ඇප ලබා ගැනීමෙන් අනතුරුව සෑම ඉරිදා දිනකම උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කෙරුණා.