Gossips

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පළිසේන යළි රිමාන්ඩ්

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මේ මස 18 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදියි.
මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඇප ඉල්ලීමක්ද සිදුකළ අතර, එහිදී මහේස්ත්‍රාත්වරිය නීතිපතිවරයාට නියෝග කළේ ඊට අදාළ ලිඛිත දේශන ලබන 18 වනදාට ගොනුකරන ලෙසයි.
බැඳුම්කර වංචාවට අදාළ මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ විභාග කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගියදා තීරණය කළා.