මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ.
මේ අතර හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සදහා ගෙන ඇති පියවර පිළිබදව කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නීතිපතිවරයාට නියෝග කළා.