මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වංචාව සම්බන්ධයෙන් පෙරවරුවේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි සහ පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් තුන්දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලදී එම දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා.
