Gossips

අර්ජුන් ඇලෝෂියස් තමන්ට ද මුදල් දුන් බව ෆොන්සේකා කියයි

බැඳුම්කර වංචා චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝෂියස් මැතිවරණ කටයුතු සඳහා තමන්ට ද මුදල් ලබාදුන් බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද පස්වරුවේ මල්වතු පාර්ශ්වයේ මහ නා හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර, අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබාගෙන මැතිවරණ කටයුතු සිදුකළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් අදහස් පළ කළා.