Gossips

අර්ජුන් ඇලෝෂියස්ගෙන් සල්ලි ගත්තේ කවුද ?

තමන් මුදල් ගත් බව මැති ඇමතිවරුන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේ ම කියද්දී සල්ලි නොගත් බව ඊයේ වන විට කියූ පිරිස 26 ක්.
තවත් පස් දෙනෙකු තමන් මුදල් නොගත් බව අද අප සමඟ ප්‍රකාශ කළා.
ඒ අනුව තවත් 192 දෙනෙකු සල්ලි ගත් බව හෝ නෙගත් බව තවමත් සෘජුව ප්‍රකාශ කර නැහැ.
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබාගත් 118 දෙනෙකු පිළිබඳ බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ ලේඛනවල සඳහන් වන බවට දයාසිරි ජයසේකර මහතා පසුගියදා පැවසුවේ ඔහුට එල්ලවූ චෝදනාවකට පිළිතුරු ලෙසයි.
ඒ අනුව සරත් ෆොන්සේකා මහතාද තමන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබාගත් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර තවත් 26 දෙනෙකු මුදල් ලබා නොගත් බව ඊයේ වන විට සඳහන් කළා.
ඇලෝෂියස්ගෙන් මුදල් ලබාගත් ඉතිරි 116 දෙනා කවුද ?