Gossips

අර්ජුණගෙන් තිලංගට යළිත් චෝදනාවක්

අමාත්‍ය අර්ජුණ රණතුංග සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හිටපු සභාපති තිලංග සුමතිපාල අතර මේ දිනවල මුදලට තරඟ පාවාදීම සම්බන්ධයෙන් මතුව තිබෙන කතාබහ තවමත් අවසන් වී නැහැ.
ඊයේ (02) සහ අද (03) දිනයේත් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම අදහස් පළ කළා.
ඊයේ (02) පැවැති උත්සවයකින් අනතුරුව අමාත්‍ය අර්ජුණ රණතුංග කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල දඹුල්ල ක්‍රීඩාංගණයේ සිදුකළ හදිසි නිරීක්ෂණ චාරිකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
ඊට පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල අද (03) කොළඹ දී කියා සිටියේ තමන් ක්‍රීඩාංගණයේ තණතිල්ල පරීක්ෂා නොකළ බවයි.