Gossips

අරවනමුල්ලේ හැල කිඹුල් මෙහෙයුම

අම්බලන්තොට, අරවනමුල්ල ප්‍රදේශයේ නිවසක් ආසන්නයට පැමිණි හැල කිඹුලෙකු අල්ලා ගැනීමට වන ජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමත්ව තිබෙනවා.
අඩි 11ක් පමණ දිග මෙම හැල කිඹුලා ඊයේ (17) රාත්‍රියේ අල්ලා ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුරුව වනජීවී නිලධාරීන් විසින් මෙම සත්වයා බූන්දල ජාතික වනෝද්‍යානයට මුදා හැරීමට කටයුතුකර ඇති බවයි වාර්තා වන්නේ.