Gossips

අරලියගහ මැදුර අවභාවිතයට ලක්වන බොදුබල සේනාව කියයි

අරලියගහ මන්දිරය මේ වනවිට ඇතැම් මන්ත්‍රීවරුන් අතින් අවභාවිතයට ලක්වන ස්ථානයක් බවට පත්ව ඇති බව බොදුබල සේනා සංවිධානය පවසනවා.
එහි නියෝජිත පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව සදහන් කළේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී උන්වහන්සේ කියා සිටියේ රටේ දෙවැනි පුරවැසියාගේ නිල නිවස වන අරලියගහ මන්දිරය කිසියම් පුද්ගලයෙකු විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින්නේ එය නිදහස් කිරීමේ වගකීම පොලීසිය සතු වන බවයි.