Gossips

අරලගංවිල රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

පොළොන්නරුව – අරලගංවිල දළුකාන – දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මාර්ගයේ නවතා තිබූ ටිපර් රථයක ලොරි රථයක් ගැටීමෙන් ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි.
තුවාල ලැබූවන් මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මිය ගිය පුද්ගලයන් දෙදෙනා අනුරාධපුරය – ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.