වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අරලගංවිල පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකුට රත්මල්කණ්ඩිය ප්රදේශයේදී සැකකරු ගල් ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
පසුව ඔහු පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා ඇති බවයි අරලගංවිල පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.