Gossips

අරණායකදී කාන්තාවකට පිහි ඇණුමක් සිදුකළ සැකකරු සොයා තවදුරටත් මෙහෙයුම්

අරණායක පොලිසිය ඉදිරිපිටදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී පලාගොස් සැඟව සිටින සැකකරු සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
24 හැවිරිදි සැකකරු විසින් ඊයේ (18) දිනයේදී 20 හැවිරිදි කාන්තාවකට අරණායක පොලිසිය ඉදිරිපිටදී තියුණු ආයුධයකින් පහර දී පලාගොස් තිබුණා.
පහරකෑමෙන් තුවාල ලැබූ කාන්තාව කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සැත්කමක් සිදුකර ඇති බවත් ඇය මේ වන විට සුවය ලබමින් සිටින බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
පවුල් ආරවුලක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව දෙදෙනාට පොලිසියට කළ කැඳවීමකින් පසු නැවත පොලිසියෙන් පිටව යන අවස්ථාවේ අදාල කාන්තාව මෙම සිදුවීමට මුහුණ දී තිබෙනවා.
අපරාධයට සම්බන්ධ සැකකරු සිද්ධියට මුහුණ පෑ කාන්තාව සමඟ විවාහ නොවී වසර 03ක් අඹු සැමියන් ලෙස ජීවත්ව සිට ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.