Gossips

අරංගල මවකගෙන් පොලීසියට චෝදනාවක්

පොලීසිය 17 හැවිරිදි තම පුතු ආපනශාලාවක් තුළට රැගෙන ගොස් අමානුෂික අන්දමින් පහරදී ඇති බවට හෝකන්දර – උතුර, අරංගල පදිංචි මවක් චෝදනා කරනවා.
ඇය කියා සිටියේ නිවසේ සිටි සිය බාල පුතු බලහත්කාරයෙන් රැගෙන ගොස් අදාළ පහරදීම සිදුකර ඇති බවයි.
අදාළ මවගේ ස්වාමිපුරුෂයාට පෙරේදා උදෑසන බිමතින් පැමිණි පිරිසක් පහරදි ඇති අතර ඒ අවස්ථාවේදි පුතුන් ද ඊට මැදිහත්ව තිබෙනවා.
එහිදී 17 හැවිරිදි පාසල් සිසුවා තුවාල ලබා ප්‍රතිකාර ගෙන යළි නිවසට පැමිණ සිටි අවස්ථාවේ නිවසට පැමිණී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පහර කෑමට ලක්වූ සිසුවාගේ වැඩිමහල් සහෝදරයා සොයාදෙන ලෙස අවට සිටි පිරිස්වලට තර්ජනය කර ඇති බවයි සිසුවාගේ දෙවැනි සහෝදරයා ප්‍රකාශ කලේ.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසියෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළ අතර, පාසල සිසුවාගේ පියාට සිදුකළ පහරදීම පමණක් වාර්තා වු බවත් පොලීසියේ පිරිසක් පහරදීමක් ගැන වාර්තා වී නොමැති බවත් සඳහන් කළා.