Gossips

අයි.සී.සී. විමර්ශකයින් ක්‍රිකට් ආයතනයට කඩා වදී

අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හදිසියේම පැමිණියා.
එහිදී ශ්‍රී ලංකා පළාත් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ කළමනාකරු ලෙස කටයුතු කරන හේමාල් මෙන්ඩිස්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ පිහිටි ප්‍රධාන හෝටලයක් වෙත රැගෙන ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මුදලට තරඟ පාවාදීම් සම්බන්ධයෙන් අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙරට දී සිදුකරන පරීක්ෂණවලට අදාළව ඔහුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති බවයි.
ප්‍රශ්න කිරීම්වලට අමතරව හේමාල් මෙන්ඩිස්ගේ ජංගම දුරකථනය ද අයි.සී.සී. භාරයට ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම ඊයේ දිනයේදී අයි.සී.සී. නිලධාරීන් දඹුල්ලට පැමිණ ශ්‍රී ලංකා සහ එංගලන්ත ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටි ස්ථාන වෙත ගොස් හදිසි පරීක්ෂාවකට ද ලක් කර තිබෙනවා.
මීට අමතරව ඔවුන් ක්‍රීඩකයින්ගේ ජංගම දුරකථන ද පරීක්ෂාවට ලක් කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයේ එම නිලධාරියා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.