Gossips

අයි.සී.සී.ය ක්‍රිකට් ආයතනයේ තවත් පිරිසක් ලුහුබඳී

ශ්‍රී ලංකාවේ මේ දිනවල විමර්ශනයක නිරත වන අයි.සී.සී. දූෂණ මර්දන නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් පිරිසක් සම්බන්ධයෙන් අවදානය යොමු කර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ සේවයට යොදවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් පිළිබද තොරතුරු එක්රැස් කරමින්.
තරගාවලියක විවිධ වගකීම් සඳහා යොදවන නිලධාරීන්ට තරඟ පාවාදීම් සඳහා වක්‍රව සම්බන්ධවීමට ඇති ඉඩකඩ හේතුවෙන් අයි.සී.සී. ය මෙලෙස අවදානය යොමු කරන බවයි වාර්තා වන්නේ.
මේ අතර, ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන එක්දින තරඟ හෙට (13) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.