ත්රස්තවාදයට සහය දෙන බවට චෝදනා නගමින් පාකිස්තානය සමඟ සම්බන්ධතා අත්හරින ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.
කාශ්මීරයේ ගැටුම්වලින් පසු ඉන්දියාව ඉදිරිපත් කළ එම යෝජනාව ඉන්දියානුවෙකු වූ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ සභාපති ෂශාන්ක් මනෝහර් විසින් ද අනුමත නොකිරීම විශේෂත්වයක්.
ඉන්දියාව මෙහිදී ඉල්ලා තිබුණේ පාකිස්තානයට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට ද ඉඩ ලබා නොදෙන ලෙසයි.
