Gossips

අයි.පී.එල්. පළමු ජය චෙන්නායි පිලට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක තරගය මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණු අතර, එහිදී මුම්බායි පිල පරදවා එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්වුණා.
මුලින් පන්දුවට පහරදුන් මුම්බායි පිල සිය පන්දු වාර 20 තුළදී කඩුලූ 4 ක් දැවී ලකුණු 165 ක් රැස් කළා.
චෙන්නායි පිල පන්දු වාර 19 යි පන්දු 5 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 169 ක් ලබමින් තරගයේ ජය හිමිකරගත්තා.
තරගයේ වීරයා වූ ඩ්වේන් බ්‍රාවෝ එහිදී පන්දු 30 කදී ලකුණු 68 ක් රැස් කළේ හයේ පහර 7 ක්ද සමඟින්.