රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක ලබන 24 වනදා දක්වා අද යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කන්තලේ සීනි සමාගමට අයත් කොටස් ඉන්දියානු සමාගමකට ලබාදීම වෙනුවෙන් එම සමාගමෙන් රුපියල් කෝටි 54ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් කොටසක් ලබා ගැනීමේදී අල්ලස් කොමිසම කොළඹ පිහිටි හෝටලයක රථ ගාලකදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි මස 03 වනදායි.
